ඇන්ගෝලාවේ ලෙයිලා ලෝප්ස් Miss universe
වුනා කියල කිව්වම ලංකාවේ ගොඩක් ගෑනුන්ගේ heart
beat වැඩිවුනා.“යකෝ කළු කෙල්ලෙක් කොහොමද Miss universe වුනේ කියලා.මොකද ලංකාවේ සම්මතයක් තියෙනවා සුදුයි නම් ලස්සනයි කියලා.
මේ නිසා
ලංකාවේ ගෑණු සුදු වෙන්න නොකරන දෙයක් නෑ.ඇත්ත ලස්සනට ඉන්න ඕන ඒක හරි.ඒත් මේ හම
පැහැපත් කරගත්තම විතරක් හරිද.කළු හම තියෙන අපිට සුදු හම ෆැන්ටසියක් තමයි.මුලින්ම
ආවේ Fair and lovely .ඒ කාලේ එවා ගාපු
අයටත් හිනාවෙන අය හිටියා.සමහරු හොරෙන් ගෑවේ.පස්සේ වැඩේ නැගල ගියා TV එකේ පෙන්නුවා එක තත්පරයට සුදු වෙන විදිහ.
ඉතින් අපේ කට්ට කළු හම්වල
තට්ටුගණන් ගෑවා මේක.සුදු වෙනවට වඩා සුදුයි වගේ පෙනුනා.හැමෝම ගෑවා.වැඩේ පත්තුවුනා
තව තව ගොඩක් ජාති දැන් ඇවිල්ලා.සුද වෙන්න ගාන ක්‍රීම් , සබන්,පෙති කරල් නැති දෙයක්
නෑ.මේවයේ සුදු වෙන්න තියෙන කාලය නැත්තම් සුදු වීමේ වේගය.ඉක්මනටම සුදු වෙන එක ගණන්
වැඩියි.පොඩි පොඩි ගණන් නෙවෙයි.හම පැහැපත් කරන Treatment එකක් 15000/- යි කියලා නුගේගොඩ
පැත්තේ තැනක දැක්කා ලගදී.මේ අතරේ සෞඛ්‍ය ඇමති තුමා කියනවා කොළඹ මන්දපෝෂණය වැඩි
වෙන්න ප්‍රධාන හේතුවක් ලු මේ කාන්තාවන්ගේ රූපලාවන්‍ය වලට යන වියදම.බලාගෙන යනකොට ඒක
ඇත්තක්.

මොකද උපාසක අම්මලා වැඩිපුර එන්නේ සුදු ලස්සන
හාමුදුරුවරුන්ගේ බණ අහන්න. ඒ හාමුදුරුවන්ගේ මූණ හරිම “පිං පාටයි“ කිය කියා තමයි
මෙහෙම යන්නේ.
දැන් කෙහොම හරි වැඩේ
පත්තු වෙලා ඉවරයි.ලංකාවේ ලස්සන කියන්නේ සුදු වීම විතරයි.මේ නිසා ගන්න ආදායම වගේ
තුන් හතර ගුණයක් දීලා සුදු වෙන්නම වෙනවා යහතින් ඉන්න නම්.වියදම් කරන්න සල්ලි
නැත්තම් ඉඩ කඩම් විකුණලා හරි සුදු වෙන්න වෙනවා.ඒකයි තත්වේ.මෙතන අවුල තියෙන්නේ සුදු
වීම නෙවෙයි.මුණ විතරක් සුදු වීම.