
මෙහෙම කාලෙන් කාලෙට ආපු පෙම් හසුන්වල තිබුනා වෙනම සාහිත්‍යයක්.ඔය කැසට් කෑලි ජනප්‍රිය වෙන්න කලින් පෙම් හසුන් වල ලිව්වේ කවි.ස්වයං නිර්මාණ.ප්‍රේමණිය සිතුවිලි හිතට එක්කොට පෙම්වතුන් ඒවා ගලපල ලස්සනට ලිව්වා.එක ග්‍රාමීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියගේ මුහුන රා මුට්ටියකටත් සමාන කරපු අවස්ථා තිබුනා.ඒ අවංක හැගීම් තමන්ගේ පෙම්වතිය වෙනුවෙන්.ගොඩක් ඒවා වචන විතරක් වුනාට ඒවයේ තිබුන රසය ඒ කාලේ අය දන්නවා.
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි“
මේ 70 දශකයේ පෙම් හසුන් වල වැඩිපුරම ලියවුන ගීය කිව්වොත් නිවැරදියි.මිල්ටන්ලා,ජෝතිපාල ලා හදවත් පසාරු කරගෙන ඇතුලට කිදා බහින්නේ මේ ප්‍රේමණිය අදහස් තාලෙට ගායනා කරල.මේ ගීත අතරින් ගොඩක් ඒවට අද වගේ Visuals තිබ්බෙ නෑ(චිත්‍රපට ගිත වලට ඇරෙන්න). Visuals හදාගත්තේ ශ්රාවකයා.තමන්ට කැමති දර්ශන තලයක,තමා සහ තමන්ගේ පෙම්වතිය දාලා විෂුවල් එක හදාගත්තේ අපිමයි.මේ නිසා මේ සිංදු ජිවිත ඇතුලේ ඇත්තටම ජීවත් වුනා.
මේ පෙම් හසුන් සාහිත්‍යය 90 දශකයටත් එනවා.ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ අතරේ සමහර ටිකක් අකුරු ලස්සන ලියන්න දන්න එකාට වැඩ වැඩියි.අනිත් උන්ට ලියුම් ලියලා දෙන්න තියෙනවා.(ඒ කාලේ මටත් තිබුනා ඔය කරදරේ)ගොඩක් එහෙම ලියවෙන එක්ම ලියුම නම විතරක් වෙනස් කරලා තව එකෙකුට දෙන වෙලාවල් පවා තිබුනා.මේකෙත් තිබුනා හරි අපූරු සාහිත්‍යයක්.

ඊට පස්සේ එන්නේ sms ප්‍රේම සංස්කෘතිය.මේක ඇතුලේ අර ප්‍රේම සාහිත්‍යය නෑ.singlish වලින් තමයි අදටත් ගොඩක් දෙනෙක් ආදර පණිවිඩ යවන්නේ ලංකාවේ.මේ නිසා ඉතා කෙටි වචන මාලාවක් තුල කියන්න ඕන දේ කියන්න වෙනවා.( English වලින් කියනවට වැඩිය singlish කියන්න ගියාම අකුරු සහ වචන වැඩිපුර ලියන්න වෙනවා)මේ නිසා ඉතා සීමා සහිතව තමයි මේ sms ප්‍රේම සංස්කෘතියෙදි ආදරය හුවමාරු වෙන්නේ.
“gdk aadarei oyata.oya mage Gwithe” මෙහෙම කියනකොට ඒ ආදරය ඒ හැගීම ඒ විදිහටම දැනෙනවද කියන එක ගැටලුවක්.ඒ කොහොම වුනත් දැන් ගොඩක් දෙනෙක් මේ වැඩේට පුරුදු වෙලා. “ lv u 2…….” ”cn u cl me ma swthrt “ මේ විදිහට ඉංග්රිසියත් දැන් වෙනස් වෙලා txt languageඑකක් විදිහට..
කාලෙන් කාලෙට ලෝකෙ වෙනස් වෙන කොට සංස්කෘතිය වෙනස් වෙන්න ඕන ඒක ඇත්ත.භාෂාව ඇදුම් පැලදුම් වගේම ඇතුලේ ඉන්න මිනිහත් වෙනස් වෙන්න ඕන.ආකල්පමය පැත්තෙන් ගල් යුගයටත් එහා ජිවත් වෙන ගමන් එලියෙන් Wireless වෙලා වැඩක් නෑ. Brand එක පේන්න underwear එක අදින කාලේ ඩෙනිමට යටින් අමුඩ අදින්න එපා.ඒක භයානක වැඩක්.මේ මොඩලය ඇතුලේ රොමියෝ ජුලියට් ල නෑ.දම්මි සුගත් ලා නෑ. තියෙන්නේ බැදිම් නැති සංස්කෘතියක්.ඕන වෙලාවක අත්හැරලා යන්න පුළුවන් වෙන්න ඕන. සදාකාලික කිසිදු බැදීමක් නෑ.ඒ කියන්නේ ඇත්තටම අපි Wireless වෙලා.