කථා කෙටියෙන්


   
  









වින්දනී

නාන කාමරයෙන් ඇසන සුපුරුදු හඩ ඇයට ඇසුණි.මෙතක් වෙලා දෙනෙත් පියාගන සිටි ඇය දෙනත් හැර සිවිලිම දෙස බැලීය.විදුලි පංකාව අතොරක් නැතිව කැරකෙයි.එකම රටාවකට එකම විදිහකට එය කැරකෙයි.ඇය ඇද අතගා පොරෝනයක් ගෙන ඉන් විලි වසාගත්තේ මීලගට තිබෙන දෙබසට සුදානම් වීමට මෙනි.

“ඇයි වහගන්නේ ඕවා මගෙන් හංගන්නද හදන්නේ.ඕවා මං දැකල තියෙන්නේ මේච්චර විතර කාලේ ඉදලා“
“අනේ යන්න“ ඇය සුපුරුදු හඩින් කියයි.

මේවා මෙම නාට්‍යෙයේ අනිවාර්ය දෙබස් වෙයි.මෙම ජවනිකාව රගපාන්නට පටන් ගෙන කොපමණ කල් ගතවී ඇත්දැයි ඇයට මතක නැත.

“දැං ගිහිං හොද ළමයා වගේ වොෂ් එකක් දාගෙන එන්න.අපිට යන්නත් Late වෙනවනේ“
ඒ සොදුරු අණ කිරීම මෙම ජවනිකාවේ ඊලග දෙබස් කණ්ඩයයි.
ඇය නාන කාමරයට වැද සිත් සේ ඇග සෝදාගත්තාය.සුපුරුදු සුවදින් යුත් තුවායෙන් ඇග පිහිදාන අතර තුර කණ්නාඩියෙන් ඇගේ රූ සපුව දෙස බැලුවාය.

“තාම විස්සේ කෑල්ලක් වගේ හරියට විසේ“ මේ වචන වාර කීයක් නම් අසන්නට ඇතිද?ඇයට සිතිණි.
ඇය යළි කාමරයට වැදී ඇදුම් ඇගලා ගන්නට විය.ඇගේ ඇදුම් සී සීකඩ විසිරිගොසිනි

‘සිහි නැතුව ගලවලා දානවා අන්තිමේ අපි ඇහිදින්න ඕන මේවා“ 
ඇය කීවේ බොරු අමනාපයක් මවා ගනිමිනි.

“කවුද දන් නෑ ගැලෙව්වේ මම කලේ help කරන එක විතරයි“

“හ්ම් ඔක්කොම කලේ මම උඹ බබා“

“වින්දනී ටිකක් ඉක්මන් කරන්න පැටියෝ.අද wifeව ගන්නත් යන්න ඕන මම“

“හ්ම් ඇයි බයයිද එයා කවුරුහරි උස්සගෙන යයි කියලා“

“හරි හරි ගෑනුන්ගේ ඉරිසියාව -  යං යං“

රථය නිහඩවම පුරුදු ගමනාන්තයට පැමිණ තිබේ.ඇය බැසගත්තාය.

Bye පැටියො..“

bye take care..“ 

ඇය අලසකමින් ටැක්සියක් නවත්වා ගත්තීය.

Rose avenue”
 
“ හරි නගින්න මැඩම්‘

  
ඉදිරිපස වැරැන්ඩාවේ විදුලි පහන යට අම්මා සහ තාත්තා වාඩිවි සිටින බව ඇය සාමාන්‍යෙයන් දනි.අදද එසේමය.

“ලස්සනයි ගෑණු ලමයි ගෙවල් වලට එන වෙලාව“ ඒ අම්මාගේ පුරුදු පිලීගැනීමේ ගීතයයි

කිසිත් නොදොඩා ඇය සාලය හරහා ගොස් කාමරයට වදින්නීය
කොපමණ වේලා ඇය එසේ සිටියාදැයි මතක නැත.කාමරයේ පංකාව යට ඇය නිවා නොදැමු සාංකාවක් නැත.


ඇය යළි අවදි වන්නේ අම්මාගේ හඩිනි. ඒ ඇමතුම් ස්වරයෙන් එය දුරකථන ඇමතුමක් බව ඇය දනී.

“අනේ ඔව් අපිත් මේ හොයනවා. තැලිල පොඩිවෙලා නැති ලමයා වෙච්චි ඕවා ආවට ගියාට කරන්න පුලුවන් දේවල් නෙවෙයිනේ.මොකද ලැජ්ජා බය ඇතිව හැදිලා තියෙන නිසා අපි හොයන්නෙත් ඉතින් එහෙම වැදගත් තැනකින් තමයි.අනිත් එක හදහනේ තියෙනවානේ කාලයක් යනකල් පිරිමි ඵල නෑ කියල...“
 
  වින්දනී අනික් ඇලයට හැරී නිදාගත්තාය.

4 comments:

  1. ම් ලස්සනයි දෙබස... ඉතිං විඳින්න ඕන දේ විඳවන්න එපා හොඳේ...

    ReplyDelete
  2. maxaaa......
    මම මේක මගෙ බ්ලොග් එකෙත් ශෙයා කලා......:)

    ReplyDelete
  3. මොනා කියන්න ද මන්දා.........එහා පැත්තෙන් කතා කරන අම්මගෙ පුතාත් ඒ වගේම වෙන්න ඇති කියලා මොහොතකට හිතුනා.

    ReplyDelete