1/27/14

ඇඟ පෙන්වලා ඡන්දේ ගන්න බැරිද ?


ගයේෂා, ජින්ජර්, නදීෂා, මල්ෂා, රුවන්ති, හිරුණිකා...මේ  නම් කීපය ගැන තමයි  මේ දවස් වල වැඩි පුරම කථා කරන්නේ. මේ වෙනකොට ලංකාවේ තියෙන හොදම සමීක්ෂණ නියැදිය වන ෆේස් බුක් එක බැලුවහම මෙයාලා ඡන්දේ ඉල්ලන එක හොදයි කියලා එක post එකක් වත් නෑ. ඒ කියන්නේ රටේම තියෙන්නේ පට්ට විරෝධයක්. බිකිනි පිංතූර අඩ නිරුවත් පිංතූර එක්ක පක්ෂ පාට ලාංඡන දාලා විවිධ නිර්මාණ ශීලි දේවල් මේ දවස් වල අම්බානක Share වෙනවා.

 මේ ගැන ඇහුවම ගොඩාක් අය අහන්නේ “ මුං මොනාද Politics ගැන දන්නේ “කියලා.හරි ඒක එහෙමෙනම් අනිත් පැත්තට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි එතකොට දැන් පළාත් සභාවට ඉදිරිපත් කරල ඉන්න,කරන්න යන, (නිළියන් නොවන) අනික් මැති ඇමති පුතාලා, සහෝදරයෝ මුන් ඔක්කොම  Politics දන්නවද කියලා.එහෙම බැලුවම ඒ ප්‍රශ්නය තාර්කික නෑ.“ පළාත් සභාව කියන්නේ ඇමති පුතාලගේ මොන්ටිසෝරිය“ මෙහෙම කිව්වේ ටිල්වින් සිල්වා.ඒක ඇත්ත පහුගිය වයඹ මධ්‍යම ඇතුළු සමස්ත පළාත් සභා මැතිවරණ වලදී ඇමති පුත්තු, සහෝදරයෝ කොයි තරම් පළාත් සභාවට රිංගුවද තාත්තගේ, අයියගේ මල්ලිගේ බලේ පෙන්නලා .ඔවුන් එහෙම ප්‍රවේණිය හොයාගෙන යනව නම්  පළාත් සභාව කියන්නේ අම්මගේ අප්පාගේ බුදලයක් නෙවෙයි කියල පෙන්නන්න  නිළියෝ ටිකක් රිංගුවාම තියෙන වැරැද්ද මොකක්ද?