6/18/11

උදයන්තිගේ Clip එක


 දැන් මේ වෙනකොට හුගාක් ජනප්‍රිය මාතෘකාවක් තමයි උදයන්තිගේ video clip එක.ඒක දැන් හැමෝම ලග තියෙනවා.හරියට යුද්දේ දිනපු කාලේ ජංගම දුරකථනවල සහේලිගේ සිංදුව වගේ. ඇයි මේ clip එකට මෙතරම් ඉල්ලුමක් ඇවිත් තියෙන්නේ? ප්‍රධාන කාරණාව තමයි ටීවි එක බලලා Bathroom එකට ගිහින් උදයන්තිව අතට අරන් ස්වයං වින්දනයේ යෙදෙන ලාංකේය සත්ගුණවත් සංස්කෘතික පිරිමින්ට උදයන්ති එක්ක තියෙන තමන්ගේ  sex arrears cover කරගන්න “පට්ට වේසි“ කියල බනින්න මේක හොද අවස්ථාවක් වීම.  සරලව කිව්වොත් ලංකාවේ බහුතරයක් පිරිමි තුල ජනප්‍රිය ගෑණියෙක් එක්ක නිදිවැදීමට තියෙන ආශාවේ කෙළවර වන ඊර්ශ්‍යාව. 

මේ සියලු කාරණා මුල් කරගෙන ඒ clip එක බලලා ඒ අවස්ථාව ලද පිරිමියා තමන් නොවිමේ වේදනාවට උදයන්තිට බනිනවා.සමහර විට කාන්තාවන් පවා “චික්“ කියන්නේ ඒ සිටින්නේ උදයන්ති විම නිසා හටගත් ඊර්ශ්‍යාව නිසා වෙන්නට පුළුවන්.ඒ clip එකට වඩා බරපතල  සිංහල clipsඕනෑ තරම් අන්තර්ජාලයේ තිබේ.ඒත් ඒ සම්බන්ධයෙන් විවේචන වලට වටිනාකමක් නොලැබෙන්නේ ඒ උදයන්ති නොවීම හේතුවෙනි.

වටිනාකම සහ තක්සේරුව ගැන අදහස එලෙස තිබියදී එසේ කිරිමට උදයන්තිට ඇති අයිතිය පිළිබද අපි අවධානය යොමු කරමු.උදයන්තිට එසේ කිරිමේ අයිතියක් තිබේ.නිලියක වු පමණින් තම ආශාවන් හැගිම් පාලනය කොට තවුස් දිවියක් ඇය ගතකළ යුතුද?නැත ඇයට තම කැමැත්ත අනුව ලිංගික කටයුතු වල යෙදීමට ඇති අයිතිය කිසිවෙකුට උදුරගත නොහැක.එමෙන්ම ඇය රූපවාහිනියේදී රසික ජනතාවගේ තෘප්තිය සදහා සහ  අධ්‍යක්ෂවරයාට අවශ්‍ය ආකාරයට අනේක විද චරිත නිරූපනය කරනවා සේම ඇගේ තෘප්තිය සදහාද කටයුතු කළ යුතුය.ඒ කවුරුන් සමගද?යන්න තවකෙකුට කිසිසේත් අදාළ නොවන දෙයකි.

මීලගට ඔබ නගන තර්කය වන්නේ මෙලෙස වීඩියෝ වලට පෙනි සිටීම වැරදි බවයි.මගේ අදහස නම් එහි කිසිදු වරදක් නැත යන්නයි.ඒ සදහා ඇය ස්වකැමැත්තෙන් පෙනී සිටියා නම් එහි කිසිදු වරදක් නැත.ඒ එය කිසිදු ප්‍රසිද්ධ මාධ්‍යයක පළ කිරිමේ අදහස උදයන්ති තුළ නොවන නිසාය. ඒ clip එක අන්තර්ජාලයට එක් කිරිම ලිංගික හිස්ටීරියාවෙන් පෙලෙන මානසික රෝගියෙකු විසින්  කල ක්‍රියාවකි.මෙම clip එක සම්බන්ධව උදයන්තිට දොස් නැගිම අර පෙර කී ගෝත්‍රික මානසික රෝගි පිරිමියාගේ ක්‍රියාව අගය කිරිමකි.එසේ අගය කරන්නෝද බොහෝ විට එම මානසික රෝගයට ගොදුරුවුවන් ලෙස වුවද සැලකිය හැකිය.