1/13/11

කොළ සහ නිල්


කොළ සහ නිල් තට්ටු මාරු දේශපාලනය නිසා ලංකාවේ හැඩය පවා අද වෙනස් වෙලා.මේක ගොඩක් දෙනෙක් පිලිගන්න කථාවක්.අද වෙනකොට ජනතා කැමත්ත අරං හිතුවක්කාර විදිහට වැඩකරන්න දේශපාලකයින්ට පුලුවන්.තමන්ගේ වාසියට පරම්පරාවේ උන්නතියට මේ අය ජන වරම පාවිච්චි කරනවා.මේක හැමෝම වගේ දන්නවා.ඒත් නොදන්නවා වගේ ඉන්නවා.ඊළග පාරත් ඡන්දේ දීල ඒ අයම පත්කරගන්නවා.මේක තමයි වෙන්නේ

දැන් අද වෙනකොට ලාංකේය දේශපාලනය තුල මහින්ද ලකුණ ස්ථීරයි තව අවුරුදු ගානක් යනකල්.“මේක හොල්ලන්න බෑ“ එහෙමයි ආණ්ඩුවෙන් කියන්නේ.විපක්ෂයේ ගොඩක් අය කියන්නේ “සජිත් ආවොත් ගොඩ“කියලා.ඉදිරිය ගැන මෙහෙම කයිවාරු ගැහුවට ඇත්ත ඕක නෙවෙයි.
තව අවුරුදු දහයක් විතර ඉස්සරහට බැලුවොත් ලංකාවේ තත්වය මොකක්ද? යූ ඇන් පි යෙන් ඉන්නේ කවුද? සජිත්, දයාසිරි, සුජීව සේනසිංහ,හරීන්, බුද්ධික, ශිරාල් වගේ සෙට් එකක්.එතකොට අනිත් පැත්තෙන් නාමල් , සජින් වාස් , ජයසුරිය , උපේක්ෂා , දුමින්ද සිල්වා මේ අය.අර සෙට් එකට ෆයිට් එකක් දෙන්න මේ සෙට් එකට පුළුවන්ද? ඉදිරි දශකය තුළ නාමල් සහ සජිත් කරළියේ සාධක බවට පත්වෙනවා.
දැන් මේ දෙන්නම ජනාධිපති පුත්තු.මේ දෙන්නගේ භාවිතාව ඉදිරි දශකයට කොයි තරම් ගැලපෙනවද?මේක තමයි ගැටලුව.පේන විදිහට මේ දෙකම ෆොටෝ කොපි.මහින්ද මොඩලයේ බඩු.දෙකම සිංහල ජාතිකවාදයේ බල කණු.සජිත් මහින්ද මොඩලය අල්ලගන්නකොට පරක්කු වැඩියි.මොකද ඒ මොඩල් එකෙන් මහින්ද වීරයා වෙලා ඉවරයි.දැන් සජිත්ට තියෙන්නේ අර්ජුන කමලනාත් වෙන්න.ඒත් විජයට තියෙන පිළිගැනීම නෑ.අර්ජුනට පුලුවන්ද විජය පරද්දන්න?
අනිත් පැත්තෙන් ගත්තම ජාතික නායකත්වයට සජිත්ට තියෙන සුදුසුකම ජනාධිපතිවරයෙක්ගේ පුතෙක් වීම විතරයි.ජාතික තලයේ ප්‍රශ්න ගැන සජිත් කථාකරල තියෙනවද?දැන් කවුරුත් අමතක කරල තියෙන ජාතික ප්‍රශ්නයට සජිත් ලග තියෙන විසදුම මොකක්ද?මේ ආර්ථික අර්බුදයට “ජන සුවයෙන්“ “සසුනට අරුණෙන්“ විසදුම් තියෙනවද?මෙවා තමයි තියෙන ගැටලු.

අනිත් පැත්තෙන් නාමල්. තාරුණ්‍යෙයේ හෙට ගැන සැබෑ අවබෝධයක් තියෙනවද?අද වෙනකොට ලංකාවේ තාරුණ්‍යයයට ජාත්‍යන්තරයට මුහුණ දෙන්න පුලුවන්ද?නාමල් සතුව තියෙන එකම සුදුසුකමත් ජනාධිපති තාත්තා විතරයි.විවෘත කිරිම් කීපයකට සහභාගි වෙනවා ඇරෙන්න මෙරට ජාතික මට්ටමින් දැනට නාමල් දායක වෙලා තියෙන්නේ මොනවටද?වාර්ගික ගැටලුවට විසදුම් ගේන්න තියෙන හැකියාව මොකක්ද?
මේ දෙකම කිරල බැලුවම එක බරයි කියලා විකල්පයක් විදිහට අපිට ජවිපෙ යොදාගන්න පුළුවන්ද?බෑ ජවිපෙත් දැන් සාම්ප්‍රදායික වමක් විතරයි.මුලින් රතු කමිස ඇන්ද ජවිපෙ පස්සේ රතු කොටු වැටුන කමිස ඇන්දා.දැන් අදින්නේ ඩෙනිමයි ටී ෂර්ට් එකයි.ඒ කියන්නේ දැං ජවිපෙට අයිඩෙන්ටියක් නෑ.මහින්දගේ රජය යුද්ධය දිහාට තල්ලු කරපු ජවිපෙ දැන් යාපනේ ජනතාවගේ කදුලු පිහිදාන්න යනවා.

ඒ කියන්නේ ලංකාව දැන් දේශපාලනික වශයෙන් නන්නත්තාර වෙලා.